එංගලන්ත මහමැතිවරණයේ ප්‍රතිඵල අනුව කිසිදු පක්ෂයක් ආණ්ඩුවක් පිහිටුවීමට තරම් ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් දිනා නැත. නමුත් ලේබල් පක්ෂය අනපේක්ෂිත සහ කැපී පෙනෙන ජයග්‍රහණයක් අත්පත් කර ගත්තේය. ආසන 650 කින් සමන්විත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගෙන තනි පක්ෂයක් විසින් ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් අවම වශයෙන් එම පක්ෂය ආසන 326 ක් ලබාගත යුතු ව තිබිණි. නමුත් දිනාගත් ආසන සංඛ්‍යාව සටහන් වූයේ කොන්සවේටිව් පක්ෂය ආසන 318 ක්, ලේබර් හෙවත් කම්කරු පක්ෂය ආසන 261 ක් වශයෙනි.
ඇතිව තිබෙන දේශපාලනික වාතාවරණය අනුව සිදුවිය යුතුව තිබුණේ අගමැතිනී තෙරේස මේ ඉල්ලා අස්වීමයි. ලේබර් හෙවත් කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබින් ද ඇගෙන් ඉල්ලා අස්වන ලෙසට ඉල්ලා තිබුණේ ලෙබර් පක්ෂය රටට සේවය කිරීමට සූදානම් බව පවසමිනි. කෙසේ නමුත් තෙරේසා මේ මෙකී බහුතරයක් නැති පාර්ලිමේන්තුවක් සමග ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවසර ඉල්ලා සිටිනු පිණිස බ්‍රිතාන්‍ය මහ රැජින මුණගැසීමට සූදානම් වේ. එසේ ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් කවුරුන් වුවත් දැන් පවතින තත්වය තුළ වෙනත් පක්ෂයක සහාය ලබාගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුය. දැනට දැනගන්නට ලැබී තිබෙන්නේ ඩිමොක්‍රටික් යුනියනිස්ට් පක්ෂය තෙරේසා මේ හට සහාය ලබාදීමට සූදානමින් සිටින බවයි.
මේ අතර, හිටපු යුකිප් නායක සහ බ්‍රෙක්සිට් වෙනුවෙන් රට දෙකඩ කළ නයිජල් ෆෙරාජ්, කොන්සවේටිව් පක්ෂයේ පරාජය සහ ලේබර් පක්ෂයේ නැගීම හේතුවෙන් මහත් වික්ෂිප්ත භාවයට පත්ව ඇතැයි වාර්තා වේ. ඔහු පවසා තිබෙන්නේ නව පාලනය හේතුවෙන් බ්‍රෙක්සිට්වලට යම් තර්ජනයක් එල්ල වේ නම් නැවතත් දේශපාලනයට අවතීරණ වනවා හැරෙන්නට වෙනත් විකල්පයක් තමන්ට නොමැති බවයි.
-අමාලි ජයවීර
පුරවැසියාගේත් පාර්ලිමේන්තුවේත් කැබිනට් මණ්ඩලයේත් ඇස් වසා ස්විස් සිංගපූර් සමාගම හා සහයොගයෙන් සිදුකළ දූෂිත ගල් අඟුරු ටෙන්ඩරයෙන් පසුව තවත් එවැනිම මහා පරිමාණ දූෂිත ගල් අඟුරු ටෙන්ඩරයකට විදුලි බල හා පුනර්ජනනීය අමාත්‍යංශ බලධාරීන් කිහිප දෙනෙකු සූදානම් වන බව එම අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. එළඹෙන සැප්තැම්බරයේදී මේ නව ටෙන්ඩරය ක්‍රියාත්මක වීමට නියමිතය බවත් දැනගැනීම ඇත. ස්විස් සිංගපූර් සමාගමට ලබාදුන් දූෂිත ගල් අඟුරු ටෙන්ඩරය ලබාදීම බැලු බැල්මටම මහා පරිමාණ දූෂිත ගනු දෙනුවක් බව පෙනෙන්නට තිබු අතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද ඒ තහවුරු කරනු ලැබිය. එහෙත් ඒ තඹ පයිසෙකට අමාත්‍යංශය ගනන් ගත්තේ නැත. ඒ ටෙන්ඩරය ඒ පරිදෙන්ම ක්‍රියාත්මක විය. එමෙන්ම විගනකාධිපතිවරයා විසින්ද එම ටෙන්ඩරය නිසා බරපතල පාඩුවක් රටට සිදුව තිබූ බව ගනන් හිලව් සමඟ පැහැදිලිවම පෙන්වා දෙනු ලැබීය. එම ටෙන්ඩරය සම්බන්ධයෙන් දූෂණයක් සිදුව තිබු බවට නීතිය ක්‍රියාත්මක කරවන ආයතන වලට දුෂණ විරෝධි සංවිධාන හා පුද්ගලයන් විසින් සිදුකළ පැමිණිලි සම්බන්ධයෙන් හෝ මෙතෙක් නිසි ක්‍රියාමාර්ග ගත්තේ නැත. ඒ අනුව දූෂිතයෝ සුදනන් විය. ඒ අතරම මාධ්‍ය ආයතන වලට වෙබ් අඩවි වලට මාධ්...
Comments
Post a Comment