Skip to main content
සියත මාධ්‍යජාලය සහ ආර්පිකෝ සමාගම එක්ව අයහපත් කාළගුණය හේතුවෙන් විපතට පත් පවුල් 8000කට එකක් රුපියල් 8000 පමණ වටිනා වියලි ආහාර, සනීපාරක්ෂක ද‍්‍රව්‍ය සහ බෙහෙත් වර්ග අඩංගු සහන මල්ලක් ලබාදීමට කටයුතු කරන බව වාර්තා වී තිබේ. "ලෙංගතුකම” නමින් හැදින්වෙන මෙම වැඩසටහනේ විශේෂත්වය වනුයේ කිසිදු භාන්ඩයක් හෝ මුදලක් පොදු මහජනතාවගෙන් ලබා නොගෙන අදාළ ආයතන දෙකේ සහයෝගීතාවය මත ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමයි. "ලෙංගතුකම” වැඩසටහනේ පළමු අදියර ලෙස කලූතර, මාතර සහ රත්නපුර දිස්ත‍්‍රික්ක වල ජනතාව වෙත මෙම බඩුමල්ල ලබාදීමට කටයුතු කරන ලද අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 300 පමණ මුදලක් සියත ආයතනය විසින් වියදම් කර ඇති බවට වාර්තා වී ඇත. මෙරට විශාලතම සුපිරි වෙළඳසල් ජාලය හිමි සමාගම වන ආර්පිකෝ සමාගම විසින් සිය ක්ෂේත‍්‍රයේ සිටින කිසිදු සමාගමකට සමකල නොහැලි මට්ටමේ සමාජ වගකීමක් මෙම ව්‍යාපෘතිය හරහා ඉටුකර ඇත. ජනතාවගෙන් එකතුකරන ලද ආධාර වලට තමන්ගේ මාධ්‍ය ආයතනයේ ලාංජනය ඇලවූ මාධ්‍ය ආයතන සහ සිය ආයතන වලට සවන් දෙන/ නරඹන ශ‍්‍රාවකයින්ට සහ පේ‍්‍රක්ෂකයින්ට මගතොටදී හමුවී ඇහුවත්, කොල් කරලා හැහුවත් අදාළ ආයතනයේ නම කියුවොත් මුදල් දුන් මාධ්‍ය ආයතන වලටත් සිය වියදමින් එක් රුපියලක් හෝ ජනතාවට සහන සැලසීමට ලබා නොදුන් අවස්ථාවකදී ර්‍ණසියත” මාධ්‍ය ජාලය විසින් සිදුකල මෙම මෙහෙවර ඉතාමත්ම අගය කල යුතු කරුණකි. මෙම වැඩසටහනේ ප‍්‍රචාරණ වියදමක් නොමැති අතර එය බලෙන් ප‍්‍රචාරය කරවීම සඳහා බඩු බෙදීමට එහා ගිය මාධ්‍ය යුද්ධයක්ද දක්නට ලැබුනේ නැත. සියත සහ ආර්පිකෝ සමාගම් නිහඬවම සිය සේවය ඉටුකර තිබේ.

Comments

Popular posts from this blog

පුරවැසියාගේත් පාර්ලිමේන්තුවේත් කැබිනට් මණ්ඩලයේත් ඇස් වසා ස්විස් සිංගපූර් සමාගම හා සහයොගයෙන් සිදුකළ දූෂිත ගල් අඟුරු ටෙන්ඩරයෙන් පසුව තවත් එවැනිම මහා පරිමාණ දූෂිත ගල් අඟුරු ටෙන්ඩරයකට විදුලි බල හා පුනර්ජනනීය අමාත්‍යංශ බලධාරීන් කිහිප දෙනෙකු සූදානම් වන බව එම අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. එළඹෙන සැප්තැම්බරයේදී මේ නව ටෙන්ඩරය ක්‍රියාත්මක වීමට නියමිතය බවත් දැනගැනීම ඇත. ස්විස් සිංගපූර් සමාගමට ලබාදුන් දූෂිත ගල් අඟුරු ටෙන්ඩරය ලබාදීම බැලු බැල්මටම මහා පරිමාණ දූෂිත ගනු දෙනුවක් බව පෙනෙන්නට තිබු අතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද ඒ තහවුරු කරනු ලැබිය. එහෙත් ඒ තඹ පයිසෙකට අමාත්‍යංශය ගනන් ගත්තේ නැත. ඒ ටෙන්ඩරය ඒ පරිදෙන්ම ක්‍රියාත්මක විය. එමෙන්ම විගනකාධිපතිවරයා විසින්ද එම ටෙන්ඩරය නිසා බරපතල පාඩුවක් රටට සිදුව තිබූ බව ගනන් හිලව් සමඟ පැහැදිලිවම පෙන්වා දෙනු ලැබීය. එම ටෙන්ඩරය සම්බන්ධයෙන් දූෂණයක් සිදුව තිබු බවට නීතිය ක්‍රියාත්මක කරවන ආයතන වලට දුෂණ විරෝධි සංවිධාන හා පුද්ගලයන් විසින් සිදුකළ පැමිණිලි සම්බන්ධයෙන් හෝ මෙතෙක් නිසි ක්‍රියාමාර්ග ගත්තේ නැත. ඒ අනුව දූෂිතයෝ සුදනන් විය. ඒ අතරම මාධ්‍ය ආයතන වලට වෙබ් අඩවි වලට මාධ්...
රුපියල් මිලියන තිහක මුදලක් අයුතු ලෙස උපයාගැනීම මඟින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතට ගැනෙන වැරැදි සිදු කළ බවට අධිචෝදනා 11 යටතේ නීතිපතිවරයා පවරා ඇති නඩුව ප්‍රකාරව එම චෝදනා ඔප්පු වුව හොත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට සහ සෙසු විත්තිකරුවන්ට සිව්දෙනාට වසර 20 ක සිර දඬුවමක් ප්‍රකාශයට පත් විය හැකි බව එම පනතෙහි දක්වා ඇති විධි විධාන අනුව දැක්වේ. පසුගිය අප්‍රේල් මස දී මෙම චෝදනා ගොනු කිරීම සිදුවිය. ඒ අනුව ප්‍රථම වරට මහාධිකරණය හමුවේ පෙනී සිටි නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් පසුගිය 06 දා අධිචෝදනා පත්‍ර භාර දෙන ලදී. විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුවෙන් අධිචෝදනා නඟා ඇති අතර අධිකරණය නිකුත් කළ සිතාසි මත එදින අධිකරණය හමුවේ පෙනී සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, සුජානි බෝගොල්ලාගම හා නිත්‍යා සේනානි සමරනායක යන විත්තිකරුවන් පමණි. නඩුවේ දෙවැනි විත්තිකරු වූ ඉන්දික ප්‍රභාත් කරුණාජීව හා හතර වන විත්තිකරු ඉන්දික ප්‍රභාත් කරුණාජීව යන අයගේ බිරිය වන ඔරනෙලා ඉරේෂා සිල්වා විදේශගතව ඇති බැවින් ඔවුනට සිත...