Skip to main content
පුරවැසියාගේත් පාර්ලිමේන්තුවේත් කැබිනට් මණ්ඩලයේත් ඇස් වසා ස්විස් සිංගපූර් සමාගම හා සහයොගයෙන් සිදුකළ දූෂිත ගල් අඟුරු ටෙන්ඩරයෙන් පසුව තවත් එවැනිම මහා පරිමාණ දූෂිත ගල් අඟුරු ටෙන්ඩරයකට විදුලි බල හා පුනර්ජනනීය අමාත්‍යංශ බලධාරීන් කිහිප දෙනෙකු සූදානම් වන බව එම අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. එළඹෙන සැප්තැම්බරයේදී මේ නව ටෙන්ඩරය ක්‍රියාත්මක වීමට නියමිතය බවත් දැනගැනීම ඇත. ස්විස් සිංගපූර් සමාගමට ලබාදුන් දූෂිත ගල් අඟුරු ටෙන්ඩරය ලබාදීම බැලු බැල්මටම මහා පරිමාණ දූෂිත ගනු දෙනුවක් බව පෙනෙන්නට තිබු අතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද ඒ තහවුරු කරනු ලැබිය. එහෙත් ඒ තඹ පයිසෙකට අමාත්‍යංශය ගනන් ගත්තේ නැත. ඒ ටෙන්ඩරය ඒ පරිදෙන්ම ක්‍රියාත්මක විය. එමෙන්ම විගනකාධිපතිවරයා විසින්ද එම ටෙන්ඩරය නිසා බරපතල පාඩුවක් රටට සිදුව තිබූ බව ගනන් හිලව් සමඟ පැහැදිලිවම පෙන්වා දෙනු ලැබීය. එම ටෙන්ඩරය සම්බන්ධයෙන් දූෂණයක් සිදුව තිබු බවට නීතිය ක්‍රියාත්මක කරවන ආයතන වලට දුෂණ විරෝධි සංවිධාන හා පුද්ගලයන් විසින් සිදුකළ පැමිණිලි සම්බන්ධයෙන් හෝ මෙතෙක් නිසි ක්‍රියාමාර්ග ගත්තේ නැත. ඒ අනුව දූෂිතයෝ සුදනන් විය. ඒ අතරම මාධ්‍ය ආයතන වලට වෙබ් අඩවි වලට මාධ්‍යවේදීන්ට මිලියන් ගනනින් කප්පම් ලබා දී මේ ගනු දෙනුව හෙළිරව්වීම වැලැක්වීමට මෙන්ම දූෂිතයන් සුදනන් කරවීමේ කොන්ත්‍රාත්තුද ලබා දි තිබිණි. ඒ බව ද මේ වන විට අනාවරණය වෙමින් ඇත. කෙසේ නමුත් මේ දූෂිතයන් විසින් මේ ගනු දෙනුවේ වගකීම මෙම ටෙන්ඩරයට සෘජුව සම්බන්ධ නොවූ ලංකා ගල් අඟුරු සමාගම වෙත පවරා අත පිහ ගැනීමටද සමත් විය. එම ගනු දෙනුවේ දූෂිත බව නිසාම එවකට ගල් අඟුරු සමාගම ඊට එරෙහිව කරුණු දක්වා තිබූ අතර එහි සභාපතිවරයාව සිටි මෛත්‍රී ගුණරත්න මහතා එම දූෂිත ගනුදෙනුව වැලැක්වීම වෙනුවෙන් කටයුතු කළ ආකාරය ගැන මාධ්‍ය හරහා හෙළි දරව් කරනුද ලැබීය. එහෙත් එම ගල් අඟුරු සමාගමේ හිටපු සභාපතිවරයා වූ මෛත්‍රී ගුණරත්න මහතාට එරෙහිව දූෂිතයෙකු යැයි බොරු චෝදනා ගොනු කර විදුලිබල ගා පුනර්ජනනීය අමාත්‍යංශයේ දූෂිතයන් සිය බලය පාවිච්චි කොට ගල් අඟුරු සමාගම විසුරුවා හැරීමට කටයුතු කරන බව කියමින් සභාපතිවරයා ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කරනු ලැබීය. එහෙත් පසුව එම සමාගම යළිත් සක්‍රීය කරමින් නව සභාපතිවරයකු පත් කරනු ලැබීය. ස්වාධීන පුද්ගලයකු යැයි හඳුන්වමින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (තාක්‌ෂණ) මෙරිල් ගුණතිලක මහතා මේ සඳහා පත් කරනු ලැබීය. එහෙත් ඒ යළි ‍රැවැටිලි සහගත ක්‍රියාවලියක් බව හෙළි වූයේ ඔහු අමාත්‍යංශ ලෙකම් සුරේන් බටගොඩ මහතාගේ අතිශය සමීපතම නිලධාරියකු වීම නිසාය. මෙම දූෂිත ගනු දෙනුවේ මහ මොළකාරයා බවට චෝදනා එල්ල වූයේ අමාත්‍යංශ ලේකම් සුරේන් බටගොඩටය. මේ කාලය තුල ගල් අගුරු ටෙන්ඩර නිකුත් කිරීම වෙනුවෙන්ම සකසා තිබු දූෂිත ක්‍රමයක් වූ දීර්ග කාලීන ටෙන්ඩර් ක්‍රමය අහෝසි කළ බවත් වඩා ලාබ දායක ක්ෂණික ටෙන්ඩර් ක්‍රමය මඟින් පමණක් එම ගණුදෙනු සිදුකරන බවත් අමාත්‍යංශය පැවසීය. ඒ අනුව පසුගිය අප්‍රෙල් මාසයෙන් අවසන් වූ සිංගප්පූරු සමාගමට ලබා දුන් දීර්ග කාලීන ටෙන්ඩරයෙන් පසුව යළි දීර්ග කාලීන ටෙන්ඩර් කැඳවීමක් සිදු නොකළේය. එමඟින් ද ගල් අඟුරු ටෙන්ඩර මඟින් දූෂිත ගනුදෙනු සිදුවීමට තමන් ඉඩක් ලබා නොදෙන බවට ව්‍යාජ මතයක් රටට තහවුරු කිරීමට අමාත්‍යංශ බලධාරීන් සමත් විය. එහෙත් මේ වන විට මේ සියල්ල ව්‍යාජ රංගනයක් බවට තොරතුරු හෙළිවෙමින් පවතී. ඊට හේතුව වන්නේ එළඹෙන සැප්තැම්බරයේදී යලි දීර්ග කාලීන ටෙන්ඩර ක්‍රමය යටතේ දැවැන්ත ගල් අඟුරු ටෙන්ඩරයක් ලබා දීම සඳහා මේ දිනවල සැලසුමක් ක්‍රියාවට නැගෙමින් තිබීමය. ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිවරයාව ඉවත් කර තමන්ට පහසුවෙන් හසුරුවා ලිය හැකි විශේෂයෙන්ම සුරෙන් බටගොඩ වැනි සූක්ෂම නිලධාරියකු හා කටයුතු කළ හැකි නව සභාපතිවරයකු පත් කිරීමට අමාත්‍යංශ බලධාරීන් කටයුතු කරමින් සිටීම මේ නව ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් හෙලිදරව් වීම වලක්වාගෙන වඩා සැලසුම් සහගත ලෙස කටයුතු කිරීමට විය හැකි බවට සියයට සියයක සම්බාවිතාවක් පවතී. මෙහිදි මෙරිල් ගුණතිලක මහතව ඉවත් කිරීම වෙනුවට ඉල්ලා අස්වීමේ ලිපියක් බාර දී ඉවත් වන ලෙසට ඔහුට දැනුම් දී තිබු අතර ඒ අනුවම ඔහු මේ වන විට තම හිතෛෂීන්ගේ ඉල්ලීමට කන් දී ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී තිබෙන බව අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි. දූෂිත ගල් අඟුරු ටෙන්ඩරය පමණක් නොව පෞද්ගලික ඩීසල් බලාගාර වලින් විදුලිය මිල දී ගැනිම සම්බන්ධයෙන් වූ ටෙන්ඩරය ලබා දිමේ දී ද නීති රීති උල්ලංගනය කරමින් රටත් ජනතාවත් කැබිනට් මණ්ඩලයත් නොමඟ යවමින් එම ටෙන්ඩරය ඇග්‍රිකෝ ඉන්ටනැෂනල් ප්‍රොජෙක්ට්ස් පෞද්ගලික සමාගම වෙත ලබා දීමට ඔහු සමත් විය. ඒ සම්බන්ධයෙන්ද චෝදනා පිට චෝදනා එල්ල වූවද වගකිව යුතු කිසිවකු ඒ ගනනකටවත් ගත්තේ නැත. එමෙන්ම විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති අනුර විජේපාල මහතාට ඉන් ඉවත් වීමට සිදු වූයේද ඇමැති සියඹලාපිටියගේ හා ලේකම් සුරේන් බටගොඩ දූෂිත ක්‍රියා නිසා බවද අනාවරණය වූයේ ඒ දිනවලමය. යහපාලනය නමින් නව පාලන තන්ත්‍රයක් රටේ බහුතර ජනතාව ගොඩනඟා ගත්තේ මෙවැනි දූෂිත ගනුදෙනු තවත් නොවෙන්නටය. මේ බව දන්නා ඇමැතිවරයකු දෙන්නෙක් ආණ්ඩුවේ සිටියද විදුලි බල ඇමැතිවරයා වන රංජිත් සියඹලාපිටිය යනු යහපාලන යනු කුමක්දැයි දන්නා හෝ එවැනි හැසිරීමක් ප්‍රකට කර වූවෙකු නොවේ. දුෂිත රාජපක්ෂ රෙජිමයේ දූෂණ වංචා අපරාධ අනුමත කරමින් එහිම ලැග සිටිමින් සිටි ඔහු වත්මන් ආණ්ඩුවට එකතු වූයේ බල පෙරලියෙන් පසුවය. අදටත් රාජපක්ෂවාදියකු වන ඔහු තමන්ගේ පෞද්ගලික පැවැත්ම වෙනුවෙන් ජනාධිපතිවරයාවත් තම ඡන්ද දායකයාවත් රැවැටීමට ලක් කළ හා පාවා දුන් තැනැත්තෙකු බවට අමුතුවෙන් අ‍ටුවා ටිකා ලිවිය යුතු නැත. ඒකාබද්ධ විපක්ෂය මේ ගනුදෙනුව සම්බන්ධයෙන් ඇමැතිවරයාව ආරක්ෂා කළේ මොහු රාජපක්ෂවාදියකු වන නිසාය. මැතකදී සිදු වූ ඇමැති මණ්ඩල සංශොධනයේදි මේ දූෂණ චෝදනා එල්ලව ඇති ඇමතිවරයාව ද මාරු කරනු ඇති බවට රටේ ජනතාව බලාපොරොත්තු වූවද ජනාධිපතිවරයාට මොහු නිර්මල අවංක ජනතා සේවකයකු විය. එසේ නොවේ නම් ඒ තමන්ගේ ශ්‍රිපනීප ඇමැතිවරයකු නිසා විය හැකිය. එසේත් නැතිනම් මොහුට බයය. ඒ කෙසේ නමුත් යහපාලනය වෙනුවෙන් බලාපොරොත්තු වූ ගොයම කිරි වැදෙන්නත් පෙර වැටත් නියරත් විසින් කා දැමිම සිදුව තිබේ.. මේ පට්ට දූෂිතයන් සමඟ තව දුරටත් ගමනක් නැති බව ඔවුන් විසින්ම මේ වන විට ජනතාව හමුවේ තහවුරු කර අවසන්ය. තවත් කතා කිරීමට යමක් ඉතිරිව නොමැත.

Comments

Popular posts from this blog

රුපියල් මිලියන තිහක මුදලක් අයුතු ලෙස උපයාගැනීම මඟින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතට ගැනෙන වැරැදි සිදු කළ බවට අධිචෝදනා 11 යටතේ නීතිපතිවරයා පවරා ඇති නඩුව ප්‍රකාරව එම චෝදනා ඔප්පු වුව හොත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට සහ සෙසු විත්තිකරුවන්ට සිව්දෙනාට වසර 20 ක සිර දඬුවමක් ප්‍රකාශයට පත් විය හැකි බව එම පනතෙහි දක්වා ඇති විධි විධාන අනුව දැක්වේ. පසුගිය අප්‍රේල් මස දී මෙම චෝදනා ගොනු කිරීම සිදුවිය. ඒ අනුව ප්‍රථම වරට මහාධිකරණය හමුවේ පෙනී සිටි නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් පසුගිය 06 දා අධිචෝදනා පත්‍ර භාර දෙන ලදී. විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුවෙන් අධිචෝදනා නඟා ඇති අතර අධිකරණය නිකුත් කළ සිතාසි මත එදින අධිකරණය හමුවේ පෙනී සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, සුජානි බෝගොල්ලාගම හා නිත්‍යා සේනානි සමරනායක යන විත්තිකරුවන් පමණි. නඩුවේ දෙවැනි විත්තිකරු වූ ඉන්දික ප්‍රභාත් කරුණාජීව හා හතර වන විත්තිකරු ඉන්දික ප්‍රභාත් කරුණාජීව යන අයගේ බිරිය වන ඔරනෙලා ඉරේෂා සිල්වා විදේශගතව ඇති බැවින් ඔවුනට සිත...
සියත මාධ්‍යජාලය සහ ආර්පිකෝ සමාගම එක්ව අයහපත් කාළගුණය හේතුවෙන් විපතට පත් පවුල් 8000කට එකක් රුපියල් 8000 පමණ වටිනා වියලි ආහාර, සනීපාරක්ෂක ද‍්‍රව්‍ය සහ බෙහෙත් වර්ග අඩංගු සහන මල්ලක් ලබාදීමට කටයුතු කරන බව වාර්තා වී තිබේ. "ලෙංගතුකම” නමින් හැදින්වෙන මෙම වැඩසටහනේ විශේෂත්වය වනුයේ කිසිදු භාන්ඩයක් හෝ මුදලක් පොදු මහජනතාවගෙන් ලබා නොගෙන අදාළ ආයතන දෙකේ සහයෝගීතාවය මත ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමයි. "ලෙංගතුකම” වැඩසටහනේ පළමු අදියර ලෙස කලූතර, මාතර සහ රත්නපුර දිස්ත‍්‍රික්ක වල ජනතාව වෙත මෙම බඩුමල්ල ලබාදීමට කටයුතු කරන ලද අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 300 පමණ මුදලක් සියත ආයතනය විසින් වියදම් කර ඇති බවට වාර්තා වී ඇත. මෙරට විශාලතම සුපිරි වෙළඳසල් ජාලය හිමි සමාගම වන ආර්පිකෝ සමාගම විසින් සිය ක්ෂේත‍්‍රයේ සිටින කිසිදු සමාගමකට සමකල නොහැලි මට්ටමේ සමාජ වගකීමක් මෙම ව්‍යාපෘතිය හරහා ඉටුකර ඇත. ජනතාවගෙන් එකතුකරන ලද ආධාර වලට තමන්ගේ මාධ්‍ය ආයතනයේ ලාංජනය ඇලවූ මාධ්‍ය ආයතන සහ සිය ආයතන වලට සවන් දෙන/ නරඹන ශ‍්‍රාවකයින්ට සහ පේ‍්‍රක්ෂකයින්ට මගතොටදී හමුවී ඇහුවත්, කොල් කරලා හැහුවත් අදාළ ආයතනයේ නම කියුවොත් මුදල් දුන් මාධ්‍ය ...