රුපියල් මිලියන තිහක මුදලක් අයුතු ලෙස උපයාගැනීම මඟින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතට ගැනෙන වැරැදි සිදු කළ බවට අධිචෝදනා 11 යටතේ නීතිපතිවරයා පවරා ඇති නඩුව ප්‍රකාරව එම චෝදනා ඔප්පු වුව හොත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට සහ සෙසු විත්තිකරුවන්ට සිව්දෙනාට වසර 20 ක සිර දඬුවමක් ප්‍රකාශයට පත් විය හැකි බව එම පනතෙහි දක්වා ඇති විධි විධාන අනුව දැක්වේ. පසුගිය අප්‍රේල් මස දී මෙම චෝදනා ගොනු කිරීම සිදුවිය.
ඒ අනුව ප්‍රථම වරට මහාධිකරණය හමුවේ පෙනී සිටි නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් පසුගිය 06 දා අධිචෝදනා පත්‍ර භාර දෙන ලදී.
විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුවෙන් අධිචෝදනා නඟා ඇති අතර අධිකරණය නිකුත් කළ සිතාසි මත එදින අධිකරණය හමුවේ පෙනී සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, සුජානි බෝගොල්ලාගම හා නිත්‍යා සේනානි සමරනායක යන විත්තිකරුවන් පමණි.
නඩුවේ දෙවැනි විත්තිකරු වූ ඉන්දික ප්‍රභාත් කරුණාජීව හා හතර වන විත්තිකරු ඉන්දික ප්‍රභාත් කරුණාජීව යන අයගේ බිරිය වන ඔරනෙලා ඉරේෂා සිල්වා විදේශගතව ඇති බැවින් ඔවුනට සිතාසි බාරදීමට නොහැකි බවට සිතාසි වාර්තා හා ඔවුන් විදේශගතව පැමිණ නැති බව තහවුරු කිරීමට ගුවන් ගමන් වාර්තා ද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
මෙම දෙවන හා සිව්වන විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සම්පත් මෙන්ඩිස් හා නීතිඥ ප්‍රේමනාත් දොළවත්ත යන මහත්වරු පවසා සිටියේ විදේශගතව සිටින මෙම විත්තිකරුවන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටීමට තමනට බලය පවරා ලිපි ලබා දී ඇති බවයි.
අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු එම ලිපි විනිසුරුවරයා විසින් බාර ගන්නා ලදී.
මේ වන විට විදේශ ගතව සැඟව සිටින ඉන්දික ප්‍රභාත් කරුණාජීව සහ ඔරනෙලා ඉරේෂා සිල්වා යන දෙදෙනා තවත් නඩුවකට අදාලව අත්අඩංගුවට ගැනීමට පසුගිය පෙබරවාරී 09 වන දින කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා ජාත්‍යන්තර පොලිසිය හරහා එලෙස විවෘත වරෙන්තුවක් නිකුත් ද නිකුත් කර තිබිණි.
විත්තිකරුවන් හට ඇප නියම කිරීම සඳහා නඩුව ස්ථිර විනිසුරුවරයා ඉදිරියේ කැඳවීමට මෙම 28 වැනිදාට දින ලබා දුන් විනිසුරුවරයා එදින තෙක් විත්තිකරුවන් මහේස්ත්‍රාත් අධිකරණය ඔවුනට නියම කළ පෙර ඇප වූ රුපියල් ලක්ෂයක මුදල් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපකරුවන් සිව් දෙනෙකුත් ඇප මතම මුදා හැරීමට ද නියෝග කළේය.
අධිකරණය හමුවේ පෙනී නොසිටි ඉන්දික ප්‍රභාත් කරුණාජීව, ඔරනෙලා ඉරේෂා සිල්වා හා නඩුවේ හයවන විත්තිකරු වූ සී/ ස ගවර්ස් කෝපරේට් සර්විස් (පුද්ගලික) සමාගම සම්බන්ධව ඉදිරි පියවර ගැනීමද විනිසුරුවරයා විසින් මෙම මස 28 වැනිදාට කල් තබන ලදී.
2013 ඔක්තෝබර් මස 01 දින හා 2014 අගෝස්තු මස 31 අතර කාලයේදී කොළඹදී පැමිණිල්ල නොදත් අන් අය සමඟ එක් වී රුපියල් මිලියන තිහක් අයුතු ලෙස උපයා ගැනීමෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතට ගැනෙන වැරැදි සිදු කිරීම, ඒ සඳහා ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 11ක් යටතේ විත්තිකරුවනට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් සී / ස ගවර්ස් කෝපරේට් සර්විසස් (පුද්ගලික) සමාගම වෙනත් සමාගමක් සමඟ සිදු කළ ගනුදෙනුවකදී මෙම රුපියල් මිලියන තිහක මුදල අයුතු ලෙස උපයාගෙන ඇති බව චෝදනාවන්හි සඳහන් වෙයි.
පුරවැසියාගේත් පාර්ලිමේන්තුවේත් කැබිනට් මණ්ඩලයේත් ඇස් වසා ස්විස් සිංගපූර් සමාගම හා සහයොගයෙන් සිදුකළ දූෂිත ගල් අඟුරු ටෙන්ඩරයෙන් පසුව තවත් එවැනිම මහා පරිමාණ දූෂිත ගල් අඟුරු ටෙන්ඩරයකට විදුලි බල හා පුනර්ජනනීය අමාත්‍යංශ බලධාරීන් කිහිප දෙනෙකු සූදානම් වන බව එම අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. එළඹෙන සැප්තැම්බරයේදී මේ නව ටෙන්ඩරය ක්‍රියාත්මක වීමට නියමිතය බවත් දැනගැනීම ඇත. ස්විස් සිංගපූර් සමාගමට ලබාදුන් දූෂිත ගල් අඟුරු ටෙන්ඩරය ලබාදීම බැලු බැල්මටම මහා පරිමාණ දූෂිත ගනු දෙනුවක් බව පෙනෙන්නට තිබු අතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද ඒ තහවුරු කරනු ලැබිය. එහෙත් ඒ තඹ පයිසෙකට අමාත්‍යංශය ගනන් ගත්තේ නැත. ඒ ටෙන්ඩරය ඒ පරිදෙන්ම ක්‍රියාත්මක විය. එමෙන්ම විගනකාධිපතිවරයා විසින්ද එම ටෙන්ඩරය නිසා බරපතල පාඩුවක් රටට සිදුව තිබූ බව ගනන් හිලව් සමඟ පැහැදිලිවම පෙන්වා දෙනු ලැබීය. එම ටෙන්ඩරය සම්බන්ධයෙන් දූෂණයක් සිදුව තිබු බවට නීතිය ක්‍රියාත්මක කරවන ආයතන වලට දුෂණ විරෝධි සංවිධාන හා පුද්ගලයන් විසින් සිදුකළ පැමිණිලි සම්බන්ධයෙන් හෝ මෙතෙක් නිසි ක්‍රියාමාර්ග ගත්තේ නැත. ඒ අනුව දූෂිතයෝ සුදනන් විය. ඒ අතරම මාධ්‍ය ආයතන වලට වෙබ් අඩවි වලට මාධ්...
Comments
Post a Comment