එංගලන්ත මහමැතිවරණයේ ප්‍රතිඵල අනුව කිසිදු පක්ෂයක් ආණ්ඩුවක් පිහිටුවීමට තරම් ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් දිනා නැත. නමුත් ලේබල් පක්ෂය අනපේක්ෂිත සහ කැපී පෙනෙන ජයග්‍රහණයක් අත්පත් කර ගත්තේය. ආසන 650 කින් සමන්විත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගෙන තනි පක්ෂයක් විසින් ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් අවම වශයෙන් එම පක්ෂය ආසන 326 ක් ලබාගත යුතු ව තිබිණි. නමුත් දිනාගත් ආසන සංඛ්‍යාව සටහන් වූයේ කොන්සවේටිව් පක්ෂය ආසන 318 ක්, ලේබර් හෙවත් කම්කරු පක්ෂය ආසන 261 ක් වශයෙනි. ඇතිව තිබෙන දේශපාලනික වාතාවරණය අනුව සිදුවිය යුතුව තිබුණේ අගමැතිනී තෙරේස මේ ඉල්ලා අස්වීමයි. ලේබර් හෙවත් කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබින් ද ඇගෙන් ඉල්ලා අස්වන ලෙසට ඉල්ලා තිබුණේ ලෙබර් පක්ෂය රටට සේවය කිරීමට සූදානම් බව පවසමිනි. කෙසේ නමුත් තෙරේසා මේ මෙකී බහුතරයක් නැති පාර්ලිමේන්තුවක් සමග ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවසර ඉල්ලා සිටිනු පිණිස බ්‍රිතාන්‍ය මහ රැජින මුණගැසීමට සූදානම් වේ. එසේ ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් කවුරුන් වුවත් දැන් පවතින තත්වය තුළ වෙනත් පක්ෂයක සහාය ලබාගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුය. දැනට දැනගන්නට ලැබී තිබෙන්නේ ඩිමොක්‍රටික් යු...